පූජිත් හා ‌හේමසිරි යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 19, 2019

පූජිත් හා ‌හේමසිරි යළි රිමාන්ඩ්

පූජිත් හා ‌හේමසිරි යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දෙසැම්බර් මස 03 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.

බන්ධනාගාර නිලධාරින් විසින් මෙම සැකකරුවන් අද (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට පමුණුවනු ලැබුවේය.

රහස් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා ලබා ගෙන විමර්ශනයක් සිදු කළ බවත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad