මහ මැතිවරණය මැයි මුල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 24, 2019

මහ මැතිවරණය මැයි මුල

මීළඟ මහ මැතිවරණය 2020 මැයි මස මුල් සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. එතෙක් දැනට පවතින ආණ්ඩුව පවත්වාගෙන යාමට නියමිතය.

දැනටමත් වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව විසුරැවා හැරීම සඳහා ජනාධිපතිවරයාට නීතිමය අවසරය හිමිවන 2020 මාර්තු මස 01වැනිදා රජය විසුරුවා හරින බවයි.

මාර්තු මස 01දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මීළඟ මහ මැතිවරණය පැවැත්විය හැකි කාලවකවානුව පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී සභාපතිවරයා ප්‍රකාශ කළේ මැතිසබය විසුරුවා හැර මාස දෙකක කාලයකින් මහ මැතිවරණය පැවැත්විය හැකි බවයි.

ඒ අනුව මැයි මස මුල් සතියේ මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad