අලි සබ්රිගෙන් මිලියන 500 ක වන්දි ඉල්ලා හරීන්ගෙන් නඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 12, 2019

අලි සබ්රිගෙන් මිලියන 500 ක වන්දි ඉල්ලා හරීන්ගෙන් නඩු

තමා සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකල බවට ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තමන් කල විමසීමකට අදාළව පැවති මාධ්‍ය හමුවකදී මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකර ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියේ.
සැගවීමට දෙයක් නොමැති නම් කලබලවීම අනවශ්‍ය බවයි හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල ස්ථීර කිරීම සඳහා කැබිනට් පත්‍රිකා 2 ක් අද පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙන බවට පළවු මාධ්‍ය වාර්තා මුලුමනින්ම අසත්‍ය බවද හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කලා.

No comments:

Post a Comment

Post Bottom Ad