එජාප 29ක් ගෝඨාභය සමග නව ආණ්ඩුවකට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 19, 2019

එජාප 29ක් ගෝඨාභය සමග නව ආණ්ඩුවකට සූදානම්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් 29 දෙනකු මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අප වෙත කියා සිටියේය.

ඔවුන් ඉල්ලා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබාදිය යුතුය යන කොන්දේසිය පමණි.

එක්සත් ජාතික පක්ෂ නායකයන් නායකයන් තම අදහස්වලට සවන් නොදීම සහ මේ වන විට පක්ෂය තුල පවතින බරපතළ පිල් බෙදීම ගැන කලකිරුනු පිරිස මෙම තීන්දුව ගැනීමට නියමිතය.

අදාල මන්ත්‍රී පිරිස ඉතා ඉක්මනින් සිය තීන්දුව දැනුම් දීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටින්නේ තම අරමුණ මේ මොහොතේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad