'දෙමළ නාමපුවරුවක් දිරවගන්න බැරි රාජපක්ෂලාට ජාතික සමගිය ගොඩනගන්න බෑ '- අනුර (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 20, 2019

'දෙමළ නාමපුවරුවක් දිරවගන්න බැරි රාජපක්ෂලාට ජාතික සමගිය ගොඩනගන්න බෑ '- අනුර (VIDEO)

පසුගියදා විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නාමපුවරුව මේ වනවිට ඇතැම් දේශපාලනඥයන්ට විශාල ගැටලුවක් වී ඇති බවත්,
ඒ හරහා විශාල මඩ ගොහොරුවක් නිර්මාණය කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමේ වෑයමක නිරතවෙමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික සමගිය පිළිබඳ, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නාමපුවරුවේ දෙමළ නම ඉහළින්ම සඳහන් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන රාජපක්ෂලාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය කාර්යාලයේ නාමපුවරුවේ දෙමළ නම ඉහළින් සඳහන් වීම අමතක වී ඇති බවත් අනුර දිසානායක එහිදී සඳහන් කළේය.

මෙවැනි ඉතා පහත් ආකාරයේ උපක්‍රමවලින් පවා ජාතිවාදය අවුස්සන දේශපාලනඥයන්ගෙන් ජාතික ආරක්ෂාවක් හෝ ජාතික සමගියක් බලාපොරොත්තු විය හැකිද යන්න අනුර දිසානායක ප්‍රශ්න කළේය.

මේ වනවිට රටට එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනි ත්‍රස්ත සංවිධාන නොමැති බවත් ඇත්තේ ජාතීන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් ගොඩනැගී ඇති අනාරක්ෂිත බවත් යැයිද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව එම අනාරක්ෂිත බව නැති කිරීමට කළයුතු එකම දේ ජාතීන් අතර ජාතික සමගිය ගොඩනැගීම බවත් ජවිපෙ නායකයා අවධාරණය කර සිටියේය.

ප්‍රධාන පක්ෂ ‍දෙකම මෙම තත්වය අවබෝධ කරගෙන නොමැති බැවින් ඔවුන්ට ඒ සඳහා කිසිදු වැඩපිලිවෙලක් නොමැති බව පෙන්වා දුන් අනුර දිසානායක තවදුරටත් පැවසුයේ, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඇත්තේ ජාතික ජන බලවේගයට පමණක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad