TNA ඇතුළු උතුරේ දෙමල පක්‍ෂ ජනාධිපතිවරණ කොන්දේසි පිළිකුල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 18, 2019

TNA ඇතුළු උතුරේ දෙමල පක්‍ෂ ජනාධිපතිවරණ කොන්දේසි පිළිකුල්

හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

2019 ජනාධිපතිවරණය එල්ල කරගෙන දෙමළ පක්ෂ 5 විසින් කරන යෝජනා පිලිකුලින් හෙල දැකිය යුතුය…

ජනාධිපතිවරණයේදී රටට සුදුසු ජනාධිපතිවරයෙකු තොරාගනු ලබන්නේ සමස්ථ රටේ නායකයා ලෙසය එසේ තිබියදී කවර ජන කණ්ඩායමක්වත් සුවිශේෂි ලෙස සැලකීම යුක්ති සහගත නොවේ. එබැවින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු වන මෙම අවස්ථාවේ දි උතුරු හා නැගෙනහිර දෙමල මුස්ලිම් ජන්ද පමණක් සියලුම ජන්දායකයන් හා අපේකෂකයන් වැඩි අවධානයක් යොමු කරවා මෙවැනි අන්තවාදි, ත්‍රස්තවදි, බෙදුම්වාදී යෝජනාවලියක් පක්ෂ 05ක් මඟින් ඉදිරිපත් කිරිම ඉතාමත් පිළිකුලෙන් යුතුව බැහැර කළ යුතුය. මෙම අන්තාවදින් මිට වසර 60,70 කලින් පටන් මේ ආකාරයෙන්ම මෙම අන්තවාදි අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදි. එම නිසා වසර 30ක් යුද්ධයක රට රැගෙන ගොස් දෙමළ සිංහල මුස්ලීම් තරුණයන් විශාල ප්‍රමාණයක් රටට අහිමි වූහ. ඒ ආකරයෙන්ම නැවතත් අන්තවාදයකට රට ගෙන ගොස් දෙමළ තරුණයන් ඒ යුද මානසිකත්වය ඇති කිරිමට කටයුතු කිරිම රටක් වශයෙන් සියලුම ජනතාව ප්‍රතික්ෂේප කරන්නකි.

එම නිසා  එම යෝජනාවලියේ දෙමළ තරුණයන්ට අවශ්‍ය වන්නේ සුදුසුකම් ඇති අයට රැකියා ලබා දිම හා රැකියාවක් කරගෙන යාම ස‍දහා වෘත්තිය පුහුණුවක් ලබා දීමය. ඒ සදහා පත්වන ඕනෑම රජයක් ක්‍රියා කල යුතුය. එවැනි දෙයකට තරුණයන් යොමු කරනවා හැර මෙම අන්තවාදයට ඇද දැමිමෙන් සිදු වන්නේ විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පදිංචි වී සිටින තරුණයන්ගේ සමෘද්ධිමත් අනාගතය දශක කීපයට ආපස්සට ඇද දැමීමකි.

රට බෙදුම්වාදයකට යොමුකරන එම යෝජනාවලිය උතුරේ වැඩි ජනයාගේ අවශ්‍යතා ඉලක්ක කර ඇත.ඔවුන්ට අවශ්‍ය රැකියා, රැකියා සදහා වෘත්තීය පුහුණු අධ්‍යාපනය නංවාලීම, තමන් නිෂ්පාදනය කරන දේ  සුදුසු වෙළදපොලකට යොමු කිරීම තාක්ෂණය දියුණුව හා අංග සම්පූර්ණ නිවසක් ආදීය මෙම යෝජනාවලියේ කිසිසේත් අන්තර්ගත නොවන අතර අන්තවාදී අදහස් පමණක් මෙහි අන්තර්ගත කොට ඇත.

විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පවතින ඓතිහාසික ස්ථාන හා පුරාවිද්‍යත්මක ස්ථාන රැක ගැනිම සමස්ත ජනතාවගේ වගකීමකි. එය රැකගත යුත්තේ බෞද්ධ පුරාවස්තු නිසා පමණක් නොව එය සමස්ත ජනතාවගේ ජාතික උරුමයක් බැවිනි. එම ස්ථාන විනාශ කරන්න කටයුතු කරන්නේ තලෙයිබාන් වැනි අන්තවාදි පිරිස්ය. එම නිසා මෙම යෝජනාවලිය බෞද්ධ ක්‍රියාකාරි සංවිධානයක් ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

බුදුගල ජිනවංස හිමි
සභාපති


No comments:

Post a Comment

Post Bottom Ad