ගුරුකන්ද විහාර ගැටලුවට රජය වහා මැදිහත් විය යුතුයි නැතහොත් දකුණේ සිංහල බෞද්ධයෝ නැගිටිනු ඇති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 16, 2019

ගුරුකන්ද විහාර ගැටලුවට රජය වහා මැදිහත් විය යුතුයි නැතහොත් දකුණේ සිංහල බෞද්ධයෝ නැගිටිනු ඇති

සර දෙදහසකට වැඩි ඉතිහාසයක් ද සහිතව  සංඝාරාමයක් ද පැවති බවට පුරාවිද්‍යා කොමසාරිස් තුමන්ද  තහවුරු කරන ගුරුකන්ද රජමහා විහාර භූමිය සඟසතු දේපලක් හෙයින් එවන් බිමක කෝවිලක් ඉදි කිරීමට හෝ එහි අයිතිවාසිකමක් පෑමට කිසිවෙකුට හෝ අයිතියක් නොමැති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පවසයි.

එහෙයින් එම ඓතිහාසික පින් බිම අන්තවාදීන්ගේ ග්‍රහනයෙන් මුදා ගැනීමට ජනපති , අගමැති , ඇතුලු රජය වහාම මැදිහත් විය යුතුව ඇතැයි ද  සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී , බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද නාහිමියෝ පැවසූහ.

ගුරුකන්ද විහාරස්ථ වත්මන් භාරකාර  ඇතුලු මහා සංඝ රත්නය ඉන් පලවා හැරීම සදහා විවිධ ක්‍රියා සිදු වන බව මාධ්‍ය තුලින් අනාවරණය වන බවත් මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යතුමන් හමු වී විශේෂ සාකච්ඡාවක් කල බවත්  නාහිමියෝ පැවසූහ.

එම විහාරස්ථ වත්මන් විහාරාධිපති  හිමියන් ඇතුලු දායක සභාවට හිරිහැර කරමින් කරන කටයුතු නතර නොකලොහොත් වැඩි කල් නොගොස්  දකුණේ බෞද්ධ ජනතාව නැගී සිටිනු ඇති බවටද  ගුණානන්ද නාහිමියෝ අනතුරු හගවමින් වැඩිදුරටත් පවසා සිටියහ.

උතුරේ අන්තවාදී ඇතැම් දේශපාලන නායකයන් සිදු කරන මෙවැනි ක්‍රියා ස0හිදියාවට විශාල බාධාවක් බවත් සංහිදියාව සිංහල බෞද්ධයන්ගෙන් පමණක් බලාපොරොත්තු නොවන ලෙස ඔවුනට ඉතාම කරුණාවෙන් යුතුව  සිහිපත් කරන බවත් ගෝනදූවේ ගුණානන්ද නාහිමියෝ පැවසූහ.

වාද්දුව - ජනක හෙට්ටිආරච්චි


No comments:

Post a Comment

Post Bottom Ad