යහපාලන දුෂණ වංචා වාර්තාව ජනපති අතට.. සජිත්, අකිල, කිරිඇල්ල නම් සහිතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 13, 2019

යහපාලන දුෂණ වංචා වාර්තාව ජනපති අතට.. සජිත්, අකිල, කිරිඇල්ල නම් සහිතයි..

යහපාලන ආණ්ඩුවේ දූෂණ හා අක්‍රමිකතා සෙවූ ජනාධිපති කොමිසම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දුන් පළමු වාර්තාවේ අකිල විරාජ් කාරියවසම්, සජිත් ප්‍රේමදාස සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවල සිදු වූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සඳහන් වී ඇති බව වාර්තා වේ.

ආයතන පහළොවක් (15) සම්බන්ධයෙන් විමර්ශනය කර අවසන් කිරීමෙන් පසු පළමු වාර්තාව ජනාධිපතිවරයාට භාරදී ඇත.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණය, පාසල් පෙළ පොත්වලට ඇමැතිවරයාගේ ඡායාරූපය ඇතුළත් කිරීම, පාසල් නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීමෙන් සිදුවූ පාඩුව ටැබ් පරිගණක ලබාදීමට ගෙන ඇති තීරණය ආදී කටයුතුවලදී සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් ඇමැතිවරයාට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

ඊට අමතරව නිවාස සංවර්ධන අධිකාරියට නීත්‍යනුකූල නොවන ආකාරයට සේවකයන් බඳවා ගැනීම සඳහා නිවාස ව්‍යාපෘතියේ සමරු ඵලකවල සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාසට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියට නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad