පේ‍්‍රමදාස ජනාධිපති කරවන්න මගේ තාත්තා රට වටේ ගියා.. සජිත් ජනාධිපති කරවන්න මාත් හැම මුල්ලකම යනවා - නවින් දිසානායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 14, 2019

පේ‍්‍රමදාස ජනාධිපති කරවන්න මගේ තාත්තා රට වටේ ගියා.. සජිත් ජනාධිපති කරවන්න මාත් හැම මුල්ලකම යනවා - නවින් දිසානායක

ක්සත් ජාතික පක්ෂයෙන්  ජනාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරේ වසර 14 කට  පසු බව වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසන බල මණ්ඩල රැස්විම දික්ඔය නගර සභා ශාලාවේ පැවති අවස්තාවේදිය.

එක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක , නුවරඑලිය දිස්ත්‍රික් පා.ම  කේ කේ පියදාස මහතා විසින් මස්කෙලිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විම  සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේ,

අපගේ පක්ෂය සැම විටම අභියෝග වලට මුහුණ දෙන ව්‍යාපාරයක් , අපි සැහෙන්න දුක් වින්ද දේශපාලන පක්ෂයක් ,අපගේ දේශපාලන නායකයින්ව තමයි එල්.ටි.ටි.ඊ සංවිධානය වැඩි වශයෙන් ඝාතනය කරලා තියෙන්නේ.

ප්‍රේමදාස මැතිතුමා , මගේ පියා , ඇතුලත්මුදලි මැතිතුමා  විදිහට කියාගෙන යන්න පුළුවන් , අපි මේ පක්ෂය නැති වෙන්න කාටවත් ඉඩ දෙන්නේ නැ, මේ අවුරුදු 20 තුල අපිට සැහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා.

අපිට බැරි වුණා අපේම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරන්න , අන්තිමට ඉදිරිපත් කලේ 2005 දි , අවුරුදු 14 කට ඉස්සෙල්ලා , අවුරුදු 14 පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂයෙ අලියෙක් ඉදිරිපත් කරන්නේ.

අන්තිමට අපි ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයෙක් හැටියට 1988 අවුරුදු 31කට  ඉස්සෙල්ලා.

1988 මගේ පියා රණසිංහ ප්‍රේමදාස මහතාව ජනාධිපති කරන්න මේ රටේ අස්සක් මුල්ලක් නැ අර ගිහිල්ලා  මිනිස්සු දැනුවත් කරලා එතුමාගේ උපරිම ශක්තිය යොදවලා ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරා.

ගාමිණි දිසානායක මහතාගේ පුතා හැටියට  රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න මේ රටේ අස්සක් මුල්ලක් නැ ඇර ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරලා , සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති කරන්න කිසිදු පැකිලිමකින් තොරව කටයුතු කරනවා යනුවෙන් පැවසිය.

මස්කෙලිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්විමට එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad