උපයන විට බදු ගෙවීම් ආදායම් සීමාව ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 18, 2019

උපයන විට බදු ගෙවීම් ආදායම් සීමාව ඉහළට

උපයන විට ගෙවන බදු සඳහා දැනට පවතින ආදායම් සීමාව රුපියල් 100000 සිට රුපියල් 125000 දක්වා මීළඟ අයවැයකදී ඉහළ නංවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“උපයන විට බදු අය කිරීම වඩාත් සරළ ක්‍රමවේදයකට සිදුකිරීමේ අරමුණින් මෙම රජය එතෙක් පැවැති 62500 වැටුප් සීමාව රුපියල් 100000 ක් දක්වා ඉහළ නැංවූවා. ඒ ක්‍රමය හරහා ලක්ෂ 5ට අධික පිරිසක් මේ බදු වලින් නිදහස් වුණා.

කොහොම වුණත් මීළගට මම ඉදිරිපත් කරන අයවැයකදී මෙම සීමාව රුපියල් 125000ක් දක්වා ඉහළ නංවන්න කටයුතු කරනවා. ඒ හරහා තවත් බොහෝ පිරිසකට මෙම බදුවලින් නිදහස් වෙන්න හැකිවේවි”

No comments:

Post a Comment

Post Bottom Ad