ගෝඨාභයගේ තහනම් කරන්නැයි ඉල්ලන විදේශ ගමන් බලපත‍්‍රය මහාධිකරණයෙන් නිදහස් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 3, 2019

ගෝඨාභයගේ තහනම් කරන්නැයි ඉල්ලන විදේශ ගමන් බලපත‍්‍රය මහාධිකරණයෙන් නිදහස් කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර දුන්නේය.

ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා විදේශගතවීම සදහා කරන ලද ඉල්ලීඹක් මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.

ඒ අනුව එළැඹෙන 09 වැනිදා සිට 12 දක්වා රාජපක්ෂ මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිබාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් විභාග වෙමින් තිබියදී තව දුරටත් ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිත කිරීමට අවසර දීම විශේෂත්වයකි.


No comments:

Post a Comment

Post Bottom Ad