නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 7, 2019

නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අද දිනයේ තවත් රීට් පෙත්සම් හතරක් ගොනු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙරට ජනාධිපතිවරණයට තරග කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සපුරා නොමැති බව අදාල පෙත්සම් මගින් අභියෝගයට ලක් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කර නැති බවත් එනිසා ඔහු තව දුරටත් ද්විත්ව පුරවැසියෙකු බවත් මෙමගින් වෙන්වා දීමට යයි.

ඇමති රාජිත සේනාරත්න මහතාද සදහන් කලේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බවයි.

අභියාචනාධිකරණය හමුවේ ගොනු වූ ගොනු කරන ලද පෙත්සම මගින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සනාථ වූ බවද ඔහු කියා සිටියේය.

19 සංශෝධනය අනුව කිසිදු ද්විත්ව පුරවැසි මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවද පැවසූ ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණ විසින්ද ඒ සම්බන්ධයෙන් හේ‍්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ඇතැයිද කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad