සජිත් ජනාධිපති වුණාම අගමැති මමමයි.. සජිත් පිලට තවත් ඇණයක් ගසමින් රනිල් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 30, 2019

සජිත් ජනාධිපති වුණාම අගමැති මමමයි.. සජිත් පිලට තවත් ඇණයක් ගසමින් රනිල් කියයි

දිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් දිගටම අගමැති ධුරයේ රැඳී සිටින බව  රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර වාර්තා වූයේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට නොදැන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

මේ සම්බන්ධයෙන් දැනටම සජිත් පිලේ ප්‍රබලයන් අතර තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.

සජිත් පේ‍්‍රමදාස මහතාද මෑතකදී කියා සිටියේ තමන් ජනාධිපති වූ පසු පිහිටුවන්නේ ‘Brand new’ ආණ්ඩුවක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad