ජනාධිපිතවරන ගැසට්ටුවෙන් සජිත් පිල අමාරුවේ… අවසන් සටන කැදවයි.. අපේක්‍ෂකත්වය දෙන තුරු අරලිය මැදුර වටලා විරෝධතා.. අගමැති නිවාස අඩස්සියට ගන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 19, 2019

ජනාධිපිතවරන ගැසට්ටුවෙන් සජිත් පිල අමාරුවේ… අවසන් සටන කැදවයි.. අපේක්‍ෂකත්වය දෙන තුරු අරලිය මැදුර වටලා විරෝධතා.. අගමැති නිවාස අඩස්සියට ගන්න යයි..

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා වහාම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නැයි බල කිරීම සඳහා එම පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය තීරණය කර ඇත.

ඒ සඳහා හදිසි සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමටද තීරණය කර ඇති අතර ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ජනාධිපති අපේක්ෂකයා වහා නම් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටීමටද ඔවුන් තීරණය කර තිබේ.

ඊට ප්‍රමාණවත් ප‍්‍රතිචාරයක් නොලදහොත් සති අන්තය වන විට පාක්‍ෂිකයක් කැදවා අපේක්‍ෂකයා නම් කරන තෙක් අරලියගහ මන්දිරය වටලා අගමැතිවරයාද නිවාස අඩස්සියට ගැනීමට ඔවුන් සූදානම් වෙයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතිය ඇතුළත නම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැන්වූ බවයි.

ලබන සතියේ අවසන් වන්නේ එළැඹෙන 29දා එනම් ජනාධිපතිවරනයට නාමයෝජනා ගැනීම අවසන් කිරීමට හරියටම දින අටක් තිබියදීය.

No comments:

Post a Comment

Post Bottom Ad