පොලීසියට සද්දේ දාපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය යළි රිමාන්ඩ් – නංගිට ඇප ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 17, 2019

පොලීසියට සද්දේ දාපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය යළි රිමාන්ඩ් – නංගිට ඇප !

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුලක්ෂි ප්‍රනාන්දු ලබන 23 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. එසේම සිද්ධියට සම්බන්ධ ඇයගේ සහෝදරියට ඇප ලබා දීමට ද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්‍රීවරියගේ සහෝදරිය පසුගිය මස 19 වනදා වෙන්නප්පුව, සීනෝර් ප්‍රදේශයේදී පොලිසිය විසින් රඳවා ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණි.

එම සිද්ධිය අසල සිටි තවත් පොලිස් නිළධාරියෙකු විසින් ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති අතර අදාල විඩියෝ පටය ද සමග සිද්ධිය පිළිබද අධිකරණයට වාර්තා කිරිමෙන් පසුව මන්ත්‍රීවරිය, ඇයගේ සහෝදරියන් දෙදෙනෙකු සහ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සහ ඇයගේ සහෝදරියක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad