හිටපු අගමැති දි.මු. පාර අතුගායි.. කම්කරුවෙක් කියා ජනතාව රැවටේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 16, 2019

හිටපු අගමැති දි.මු. පාර අතුගායි.. කම්කරුවෙක් කියා ජනතාව රැවටේ !

හිටපු අගමැති දිමු ජයත්න මහතා ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට යන මාර්ගය අතුගාමින් සිටින අයුරු දැක ගැනිමට හැකි විය.

අම්බුළුවාව ජෛව විවිධත්වය සංකිර්ණය ඔහුගේ නිර්මාණයක් වන අතර අදටත් එහි බොහෝමයක් කටයුතු පවත්වාගෙන යන්නේ ඔහුගේ මග පෙන්විම යටතේය.
මෙම අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් සෑම දිනයකම පැමිණෙති.

කිලෝමිටර් දෙකකට ආසන්න දුරක් අම්බුළුවාවේ කදු මුදුනට නරඹන්නට යෑමට සිදු වෙන අතර දෙස් විදෙස් සංචාරකයන් අවට සිරි නරඹමින් කදු මුදුන බැලිමට එම මාර්ගයේ ගමන් කරති. තවත් සමර පිරිස් ත‍්‍රීරෝද රථ වලින් හා වෙනත් වාහන වලින් කදු මුදුන බැලිමට ගමන් කරයි.

හිටපු අගමැතිතුමා 15 ඉරිදා එම මාර්ගයේ කැඩි ගිය ස්ථාන නැවත පිළිසකර කිරිමට තවත් කම්කරුවන් පිරිසක් සමග එක්ව සිටි අතර කම්කරුවන් සමග එම වැඩ වල නිරත වු ඔහු හිටපු අගමැති බව එම කන්ද නැරඹිමට යන කිසිවෙකුට සොයා ගැනිමට අපහසු විය.

හිසට තොප්පියක් දමා ගෙන එම මාර්ගයේ වංගු සහිත ස්ථානයකතමන්ගේ පාඩුවේ කැඩි ගිය වලවල් වල කොළ රොඩු හා වැලි ඉදලක් ආධාරයෙන් ඉවත් කරමින් සිටි අතර මාර්ගයේ ඇති කොළ රොඩුද පැත්තකින් අතුගා ගොඩ කරන අයුරු දැක ගත හැකි විය.

බැලූ බැල්මටම පෙන්නට ඇත්තේ කිලිටු වු කම්කරුවන්ගේ ඇදුම් වලට සමාන ඇදුමක් ඇද ගත් තවත් කම්කරුවෙකු ලෙසිනි. අනිත් කම්කරුවන් සිට කටයුතු සිදු කරන ස්ථානයට මිටර් 500 ක් පමණ දුරකින් තනිවම කිසිදු ආරක්ෂක නිලධාරියෙකුවත් නොමැතිව අතුගාමින් සිටින අගමැතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් අප කරුණු විමසු විට ඔහු සිනා මුසු මුහුණින් මෙසේ පැවසිය.

‘මේ කන්දේ භාගයක් කෑගල්ලට තියෙන්නේ තවත් භාගයක් තියෙන්නේ මහනුවරට මෙහි තවමත් සංවර්ධන කටයුතු සිදු කරන්නේ මමයි. ඉස්සර මෙකේ රජ මාළිගාවක් තිබුණා කියනවා නමුත් එක පන්සලයි තියෙන්නේ. ඒ කාලේ සුද්දෝ කැඩුවා කොපි හදන්න. දැන් මේ ඉඩම තියෙනවා අක්කර 470 ක් මම ඒ ටික අරගෙන පාරවල් කපලා මෙක හැම කෙනෙකුටම බලන්න පුළුවන් ලංකාවේ ලස්සන තැනක් බවට පත් කලා. මේ වාගේ පිහිටිමක් ලංකාවේ කොහෙවත් හොයා ගන්න බැහැ.

අපි ආඩම්බර වෙන්න ඔනෑ නැහැ අපි මැරෙන මිනිස්සු මම ඉස්සර ඉදන් මෙහෙමයි පොඩි කාලෙත් මෙහෙම තමයි. මෙ අම්බුළුවාව හදන කොට පවා මම පස් කැපුවා මෙකේ බොහෝ කටයුතු වලදි මමත් කම්කරුවන් සමග වැඩ කලා. අදත් මේ කම්කරුවන් සමග මම වැඩ කරනවා. නැත්නම් හරියට මේ වැඩ කරන්නේ නැහැ.

මේ වලවල් ටික හොඳට සුද්ධ කරලා පිළිසකර කලේ නැත්නම් ඉක්මනින් කැඩෙනවා මේක කදු පාරක් ඒ නිසා මාත් මේ කම්කරුවන් එක්ක වැඩ මේවා අමුතු දේවල් නෙවෙයි. මට ඔවා ගානක් නැහැ. මිනිස්සු වුනාම තාරා තිරම් නම්බු නාම තැන වැඩක් නැහැ අපි කවදා හිටියත් මැරිලා යනවානේ ඒ නිසා ආඩම්බරයෙන් ජිවත් වේලා වැඩක් නැහැ’

ගම්පොළ නගරයට නුදුරින් හෙම්මාතගම මාර්ගයේ අම්බුළුවාව දිමු ජයරත්න ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණය පිහිටා ඇත. මෙම ස්ථානයේ පරිපාලනය දිමු ජයත්න මහතාට අයත් වන අතර අම්බුළුවාව පරිසර සංවර්ධන හා සංරක්ෂණ භාරය මගිනි.

– සමන් විජය බණ්ඩාර


No comments:

Post a Comment

Post Bottom Ad