එජාපයේ වැඩ ගැන තිස්ස කනස්සල්ලෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 16, 2019

එජාපයේ වැඩ ගැන තිස්ස කනස්සල්ලෙන්



ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා පත් කර ගැනීම පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ජනිධිපතිවරණයේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්වෙමින් පවතින බව එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය ඉතාමත්ම කණගාටුදායක බවත් අභ්‍යන්තර වශයෙන් කතා බහ කර අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නය විසඳා ගත හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය යනු ජනතාවගේ මතය නියෝජනය විය යුතු තැනක් බවත් ප්‍රතිවාදියාට මුහුණ දීමට නම් ශක්තිමත්ව සමඟියෙන් පක්ෂයක් ලෙස මේ සඳහා මුහුණ දිය හැකි බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

එසේම එකම පක්ෂයකින් ජනාධිපතිවරයා හා ආණ්ඩුව යන 2ම පත්වුවහොත් කිසිදු අර්බුදයක් නැති බවත් ඒ මහතා සඳහන් කරයි.














No comments:

Post a Comment

Post Bottom Ad