එජාප ජනාධිපති අපේක්‍ෂක රනිල් නම් මං සහාය දෙනවා - සජිත් පිලේ චමින්ද කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 13, 2019

එජාප ජනාධිපති අපේක්‍ෂක රනිල් නම් මං සහාය දෙනවා - සජිත් පිලේ චමින්ද කියයි

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙන්නේ නම් එහි ප්‍රශ්නයක් තමාට නැතැයි එම පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ වගකීම හා යුතුකම වන්නේ පක්ෂය විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයාට සහාය දීම බව ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් එම අපේක්ෂකයාට ජයග්‍රහණ අපේක්ෂකයකු විය යුතු බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ වැලිමඩ ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

චමින්ද විජේසිරි මහතා එජාප සජිත් පිල වෙනුවෙන් පෙනී සිටින මන්ත‍්‍රීවරයෙක් ලෙස ප‍්‍රකටය.


No comments:

Post a Comment

Post Bottom Ad