චන්ද‍්‍රිකා කලේ දෙ‍්‍රා්හී ප‍්‍රකාශයක්..- එස්.බී. චන්ද‍්‍රිකාට විරුද්ව යලි කට අරී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 15, 2019

චන්ද‍්‍රිකා කලේ දෙ‍්‍රා්හී ප‍්‍රකාශයක්..- එස්.බී. චන්ද‍්‍රිකාට විරුද්ව යලි කට අරී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවට හිටපු ජනාධිපතිනිය විසින් කරන ලද ප්‍රකාශය ද්‍රෝහී ප්‍රකාශක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

අද ලංකාවේ ඇති දේශපාලන තත්වය දෙස බැලීමේදී එවන් දෙයක් සිතීම පවා අවාසනාවක් බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය සමග එක් වීම තමන් විසින් කරන ලද දේශපාලන වරදක් බව ද ඔහු කියා සිටියේ සිය නිවසෙහි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එවන් කටයුත්තක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයාට කිසිදු බලයක් නැති බවයි.

සභාපතිවරයාට එසේ කල හැකි නමුත් එසේ නොවී අහෝසි කරන්නේ නම් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ගත යුතු බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad