ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහනය නයාරු වෙරලේ කරන්නැයි අධිකරණයෙන් නියෝග.. දැඩි විරෝධයෙන් උණුසුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 23, 2019

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහනය නයාරු වෙරලේ කරන්නැයි අධිකරණයෙන් නියෝග.. දැඩි විරෝධයෙන් උණුසුම්

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසල පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23) දින නියෝග කොට සිටියේය.

ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්‍රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා අවධානමක්ද ගනිමින් බෞද්ධ සම්ප්‍රධාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.

ගුරුකන්ද පුරාණරජමහා විහාරයට ඉදිරියෙන් පිහිටි ගැමුණු හේවා බලකා කඳවුරට පිටුපසින් පිහිටි නයාරු මුහුදු තීරයේදී අපවත් වූ පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් තුමන් විසින් නියෝග කොට සිටි අතර ප්‍රදේශයේ මහජන සාමය ආරක්ෂා වන අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මුලතිව් පොලීසිය වෙතටද නියෝග කොට සිටියේය.

මේ අනුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව පිළිබඳව  පන්සල් දායක සභාවත් සමග සාකච්ඡා කොට විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජොත්සවය සිදු කිරීමට පියවර ගන්නා බවටත් මේ වන විට විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් පානංශූකූල කටයුතු සිදු කරන බවටද ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad