නෙළුම් කුළුණ සමාගමක් කරනවා.. කැබිනට් අනුමැතිය ලැබුණා - ජනපති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 17, 2019

නෙළුම් කුළුණ සමාගමක් කරනවා.. කැබිනට් අනුමැතිය ලැබුණා - ජනපති කියයි

නෙළුම් කුළුණ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

නෙළුම් කුළුණ රාජ්‍ය ආයතනයක් ලෙස පාලනය කල නොහැකි නිසා මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියේය.

මෙය රාජ්‍ය සමාගමක් බවට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගිය දින වලදී ලබාගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව ඉදිරි සතියේ හෝ දෙක ඇතුළත කාලය තුල අධ්‍යක්ෂ මණ්ඩලයක් බවට පත්කර පෞද්ගලික සමාගමක ස්වරූපයෙන් මෙය පවත්වාගෙන යන බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ඊයේ පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

මෙහි ඉතිරි වැඩ කටයුතු අවසන් කිරීමට තවත් කෝටි 300ක් අවශ්‍ය වන බවත් ඉදිරි කාලයේදී එම වැඩකටයුතු අවසන් කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad