දිල්රුක්ෂි ඩයස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කර ගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 23, 2019

දිල්රුක්ෂි ඩයස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කර ගනියි

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යලි ඉවත්කරගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඇය නීතිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් පසුගිය 19 වැනිදා එම ලිපිය ඉල්ලා අස්කරගෙන ඇත.

සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කිරීමට පෙර දිල්රුක්ෂි ඩයස් මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad