එජාපය දෙකඩ වීම ස්ථිරයි.. ඇතැමුන් මාද මුණ ගැසෙනවා - මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 23, 2019

එජාපය දෙකඩ වීම ස්ථිරයි.. ඇතැමුන් මාද මුණ ගැසෙනවා - මහින්ද

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වැලැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමිනි.
මහින්ද රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වයටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයටත් නම් කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට පැමිණියේ පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති හමුවකටයි.

සාමාන්‍යයෙන් පක්ෂ නායකත්වයට ගරු නොකරන පුද්ගලයෙක්ට තවදුරටත් එම පක්ෂ නායකත්වය යටතේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් නිර්මාණය වී ඇති බවයි.

ජනාධිපතිවරණ අපෙක්ෂකත්වයට එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු ඉදිරිපත් කළද මේ ගැටුම තවතවත් උග‍්‍රවන බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික‍්‍රමසිංහ සජිත් පේ‍්‍රමදාස කරූ ජයසූරිය ඇතුලූ සියලූ දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කරවීම සදහා ජනතාව ගෙන ඇති තීන්දුවට කිසිදු බලපෑමක් සිදුනොවන බවද පෙන්වා දුන්නේය.

සිය ඇමරිකන් පුරවැසිභාවය ඉකුත් අපි‍්‍රයෙල් මස 17 වැනිදා ඉවත් කර ගත් බවත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්වත් කළ බවත් මේ අවස්ථාවට එක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ද්විත්ව පුරවැසියෙක් ලෙස ස`දහන්කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කර ශී‍්‍ර ලාංකික පුරවැසියෙක් බව ස`දහන් නව ගමන් බලපත‍්‍රයක් මේ වන විට තමන්ට නිකුත් කොට ඇතැයිද ඒ මහතා ස`දහන් කළේය.

සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාර දිගින් දිගටම අසන්නට ලැබෙන බවත් අධිකරණ මාර්ගයෙන් හෝ තමන්ට යම් ප‍්‍රශ්නයක් ඇති කිරීමේ උත්සාහයන් ඒ තුළ අන්තර්ගත වී ඇති බවත් ඒ මහතා සදහන් කලේය.

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමේ කිසිදු බාධාවක් තමන්ට නැතැයිද එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජයග‍්‍රහණය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සකස් කර ඇති හෙයින් අප විසින් කළ යුතුව ඇත්තේ වරදක් නොකිරීමට වගබලා ගැනීම යැයිද ඒ මහතා එහිදී වැඩිදුරටත් ස`දහන් කළේය.

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා , පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුලූ පළාත් පාලන ආයතන සභාපතිවරු එක්ව සිටියහ.

නලින් කුමාර නිශ්ශංක
සම්බන්ධීකරණ ප‍්‍රධානී,
පොදුජන මාධ්‍ය මධ්‍යස්ථානය


No comments:

Post a Comment

Post Bottom Ad