අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 13, 2019

අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.

‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්.

ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි.

ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’

No comments:

Post a Comment

Post Bottom Ad