අන්තර් ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) මගින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඔවුන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්‍ෂාවෙන් මිදී රට තුළට ඇතුළු වූවේ කෙසේද යන්න ගැටලු සහගත බව ආරක්ෂක ප්‍රධානියෝ විමසති.
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මහා විනාශයක් සිදුවී තිබියදී එම අයි.එස්. සැකකරුවන් දෙදෙනාම රටට ඇතුළු වීමට ඉඩ ලබාදීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවට එම උසස් ආරක්ෂක අංශ නිලධාරියා සඳහන් කළේය.
සැකකරුවන් මැලේසියා හා ඩුබායි ජාතිකයන් වන අතර ඔවුන් සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවටද ලබාදී තිබියදී මෙසේ ඇතුළු වී ඇත.
මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සභාපති පාලක (නීති) බී.ජී.ජී. මිලින්දගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එවැනි දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවයි.
– aruna
No comments:
Post a Comment