අගරදගුරුගේ කතාව පොදුවේ කිවුවේ.. කවුරුත් තොප්පිය දාගන්නේ ඇයි - මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 24, 2019

අගරදගුරුගේ කතාව පොදුවේ කිවුවේ.. කවුරුත් තොප්පිය දාගන්නේ ඇයි - මහින්ද

ගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් පොදුවේ සිදු කරන ලද ප්‍රකාශයක් ගැන කිසිවකු තොප්පිය තමන්ගේ හිසේ දා ගැනීමත් සිදු නොකළ යුතු යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සඳහන් කරයි. අගරදගුරු තුමන් විසින් එම ප්‍රකාශය රටේ නායකයන් ගැන සඳහන් කළේ කිසිදු නමක් ගමක් සඳහන් නො කරමින් බව ද එවන් අවස්ථාවක එතුමන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමෙන් සිදුවන්නේ තොප්පිය තමන්ම දාගෙන බවද රාජපක්ෂ මහතා පැවසීය.               

රටේ ආගමික නායකයෙකු ලෙස අගරදගුරුතුමන් පොදුවේ නායකයන්ට කළ ප්‍රකාශය ගැන කිසිවකු එතුමන් වෙත ප්‍රතිචාර දැක්වීම සුදුසු නැතැයි ද පවසන රාජපක්ෂ මහතා දේශපාලන නායකයන් කළ යුත්තේ ආගමික නායකයන්ගේ උපදෙස් අනුශාසනා වලට අවධානය යොමු කිරීම බවද වැඩිදුරටත් කියා සිටියේය.

අද මෙරට නායකයන්ගේ කොන්ද පණ නැති බවත් රට කල හැකි අයෙකුට බාර දී ගෙදර යන ලෙසත් අගරදගුරු තුමන් විසින් ප‍්‍රකාශයක් කල අතර ඊට පසුදිනම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ තමන්ගේ කොන්ද හොදර පණ ඇති බවත් එක් එක් අය දේශපාලන න්‍යාය පත‍්‍ර මත විවිධ ප‍්‍රකාශ කරන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad