රිෂාඞ් බදියුදීන්ට අමාත්‍ය ධුරයක් ලබාදීමට එරෙහිව ජනතාව සමග එක්ව අහිංසාවාදී සටනක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ රාජගිරිය සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (29) රාති‍්‍රයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්.
එහිදී "රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට තමන්ගේ මුස්ලිම් ඡන්ද කුට්ටියක් ගැනීම සඳහා දොළපිදේනියක් හැටියට ඇමතිකම් ලබා දීලා තියෙනවා. අද මේ රටේ වැදගත් වෙන්නේ ඇමතිකම් ද රටේ ජනතාවගේ ඉදිරි පැවැත්මද කියන එක තීන්දු කරන දවසක් බවට අද පත්වෙලා තියෙනවා. ඒ සඳහා අපි තීරණාත්මකව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා." යනුවෙන්ද සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ "මම හිතනවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපිත් එක්ක එකතු වෙයි කියලා. මෛත්‍රි ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුව වහාම ගෙදර යන්න ඕනේ. පොලිසියත් හමුදාවත් අපිත් සමග සිටියි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ සටනට එකතු වෙන්න කියලා තරුණයින් සහ වැඩිහිටි සියලු දෙනාටම ආරාධනා කරනවා." යනුවෙනි.
Tuesday, July 30, 2019
බදියුදීන්ට ඇමතිකම දීම ගැන රතන හිමි කතා කරයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment