ගුරුකන්ද රජමහා විහාරයට දුන් තීන්දුව මහාධිකරණයෙන් අත්හිටුවයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 11, 2019

ගුරුකන්ද රජමහා විහාරයට දුන් තීන්දුව මහාධිකරණයෙන් අත්හිටුවයි !

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් 10 දින වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින්  එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදි.
පසුගිය මැයි මස 06 වනදා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා විසින් ලබා දුන් නියෝගය වූ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එය රටේ පවත්නා නීති රීති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසටත් යනුවෙනි.

පසුව අදාල නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවටත් පන්සල තුල ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේදී පෙත්සමක් ගොනුකරන ලදි.

ඒ අනුව වවුනියාව මහාධිකරණයේදී නඩු අංක එච්.සී.වී. / ආර්.ඒ.වී./ 318/19 නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් මුලතිව් මහේසත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූරණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවටත් දැනට සංවර්ධනය කොට ඇති තත්වයන් ඒ අයුරින්ම තැබිය යුතු වන අතර ඔනෑම පාර්ශවයක සිය ආගමික වතාවත්වල නිරත වීමට හැකි බවටත්ය.

අනතුරුව නඩුව අගෝස්තු මස 26 වනදා දක්වා කල් දැමීමටද වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා නියෝග කොට සිටියේය.

මහාධිකරණයේ පැවති නඩු වාරය වෙනුවෙන් පළමු පාර්ශවයේ වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රෝහන තල්පාවිල මහතා සහ එතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, හරීන්ද්‍ර රාජපක්ෂ යන අයද දෙවන පාර්ශවයේ වගඋත්තරකාරුවන් වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad