ඇමති මංගල ඩොලර් කෝටි 600ක් (රුපියල් කෝටි ලක්‍ෂයක්) කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත හෙලිදරවුව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 18, 2019

ඇමති මංගල ඩොලර් කෝටි 600ක් (රුපියල් කෝටි ලක්‍ෂයක්) කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත හෙලිදරවුව මෙන්න

මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙරට මහ ජනතාවගේ දේපල සුවිශාල වශයෙන් ගසා කෑ දරුණුතම අපරාධකරුවෙක් බව ජාතික සමගියෙන් බලවේගය කැඳවුම්කරු පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව සඳහන් කළහ.


මංගල සමරවීර ඇමතිවරයා විසින් සිදුකරන ලද අයථා කොමිස් ගනුදෙනුවලින් පමණක් ලන්ඩනයේ නිවාස 06ක් මිලට ගෙන ඇති බවද සඳහන් කළ උන්වහන්සේ ඉන් එකෙක වටිනාකම පවුම් මිලියන 03 සිට පවුම් මිලියන 18 දක්වා ඉතා ඉහල අගයන් වන බවද කියා සිටියහ.

සමහර දේපල ඇමති මංගල නමින් නොතිබුණද ඒවා ඔහුගේ යැයි ඔප්පු කිරීමට සාධක තමන් සතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

මීට අමතරව මංගල සමරවීර ඇමතිවරයාගේ සමීපතම ගෝලයන් දෙදෙනකු වන තුසිත හල්ඔලුව සහ සමීර මනහර සියළු හොරකම්වලට සම්බන්ධ නීල මදන හොරුන් බවද උන්වහන්සේ පැවසූහ.

කරුංකා කන්ටේනර් සිය ගානක් හා ගම්ස්මිරිස් කන්ටේනර් සිය ගණනක් ගෙනවිත් ප්‍රතිඅපනය කිරීම් හරහා ඇමති මංගප අයථා මුදල් ඉපයූ බව ද උන්වහන්සේ චෝදනා කළහ.

එතනෝල් කන්ටේනර හයක් කිසිදු බද්දක් නොගෙවා වරායෙන් නිදහස් කරගත් බවද උවන් වහන්සේ කීහ.

මංගල සමරවීර ඇමැතිවරයා විසින් මෙසේ වංචනික ලෙස උපයන ලද මුදල ඩොලර් කෝටි 600ට වඩා වැඩි බවත් කී උන්වහන්සේ තමන් අද පහර දුන්නේ සිල්ලර කාසි වලින් පමණක් බවත් ඉදරියේදී 1000, 5000 කොලවලින් පහර දෙන බවද සදහන් කලහ.

මහජන දේපල මේතරම් ගසා කෑ ලංකා ඉතිහාසයේ දරුණුතම අපරාධකාරයා ඇමැති මංගල සමරවීර බවද උන්වහන්සේ දැඩිව චෝදනා කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad