ආන්දෝලනාත්මක ලැක්ටෝ වත්තේ සැක සහිත ලෙස රැඳී සිටි 06ක් අත්අඩංගුවට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 24, 2019

ආන්දෝලනාත්මක ලැක්ටෝ වත්තේ සැක සහිත ලෙස රැඳී සිටි 06ක් අත්අඩංගුවට !

නාතවිල්ලුව, ලැක්ටෝ වත්තේ රැඳී සිටි සැකකරුවන් 06 දෙනෙක් වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේදි පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත අද (24) අළුයම 2.00 ට පමණ මෙම පුද්ගලයින් 06දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ අන්තවාදී ඉස්ලාම් සංවිධානයට අයත් පුපුරණ ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමු ද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු උපකරණ විශාල ප්‍රමාණයක් පසුගිය ජනවාරි මාසයේදී ලැක්ටෝ වත්තේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගත්තා.

ඊට අමතරව එම වත්තේ වළ දමා තිබියදී අන්තවාදී සංවිධානය විසින් භාවිතා කළ අවි ආයුධ කිහිපයක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගනු ලැබුවේ සහරාන් හෂිම්ගේ රියදුරාගෙන් ලද තොරතුරු අනුවයි.

අද දින අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකුද වන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකටයුතු ලැක්ටෝ වත්තට එහි හිමිකරුට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීම අධිකරණය විසින් මේ වන විට තහනම් කර ඇති අතර එම තහනම් නියෝගය නොතකා සැකකරුවන් එකී වත්තේ රැදී සිටි බව පොලීසිය කියයි.

තමන් වත්තේ ඇති පැරණි කුකුල් කොටුවක් අස් කිරීමට පැමිණි බවත්, වාහනයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් වත්තේ රැදි සිටි බවයි සැකකරුවන්  පොලීසියට පවසා ඇත්තේ.

ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කලේ සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad