පාඨලී රතන හිමිගේ සහයට - ඉල්ලීම් ගැන ජනපති සමග සාකච්ඡාවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 3, 2019

පාඨලී රතන හිමිගේ සහයට - ඉල්ලීම් ගැන ජනපති සමග සාකච්ඡාවක

අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය දේශපාලන ගමනේ ප‍්‍රමුඛ සටන් සඟයෙකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සහ උන් වහන්සේගේ අධිෂ්ඨානය ජය ගැනීම උදෙසා ශක්තියක් වෙමින් අද උදෑසන මහනුවර දළඳා මාළිඟා පරිශ‍්‍රය වෙත පැමිණියේ ය.

උන් වහන්සේ බැහැදැකීමට ප‍්‍රථම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ දවසේ අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය පැවැත්වීමට හේතු වී ඇති කරුණ සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සාකච්ඡා කර ඇත. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, මේ අවස්ථාවේදී රතන ස්වාමීන්වහන්සේගේ සහ පොදුවේ සමස්ථ රටේම ඉල්ලීම ඉටු කිරීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ යහපත් ප‍්‍රතිචාරයක් අද දිනය තුළ අපේක්‍ෂා කරන බවද ඇමති චම්පික පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad