ඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටේ සියඵම ජාතින්වල, සියඵම ආගම්වල, වෙනත් පක්ෂවල සහායද ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව පක්ෂයේ සියළුම දෙනා කතාවන බව පැවසූ අමාත්‍යවරයා තමන්ද සිතා සිටින්නේ ඒ මහතා ඉදිරිපත් වීම වඩාත්ම සුදුසු බව යැයිද කියා සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටනම් එක්සත් ජාතික පක්ෂයේ සියඵම ජන්ද ප්‍රකාශ විය යුතුවාසේම මධ්‍යස්ථ සහ වෙනත් පක්ෂවල , වෙනත් ජාතීන්ගේ ජන්දද අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවද අබේසිංහ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව එසේ ජන්ද ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා ලෙස තමන් දකින්නේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවද රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
Sunday, June 23, 2019
ජනපතිවරණයට එජාපයේ එකම අපේක්ෂකයා සජිත් පමණයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment