එක එක්කෙනාට බැනලා වැඩක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 25, 2019

එක එක්කෙනාට බැනලා වැඩක් නෑ

එක එක්කෙනාට බැනලා වැඩක් නෑ

නිකරුනේ දේශපාලනේ කතා කරලා එක එක්කෙනාට බැනලා තරුණ තරුණියන් වෙනුවෙන් අනාගතයක් හදන්නට නොහැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුතුරාජවෙලදී ඊයේ (24) පැවැසීය.

එලෙස කරන පුද්ගලයන් දේශපාලනයේ රැඳී සිටීමෙන්ද පලක් නැතැයි අග්‍රාමාත්‍යවරයා කීය. අභිනවයෙන් ඉදිකළ සිපෙට්කෝ ලිහිසි තෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

හරි දේ කරන විට බැනුම් ඇසුවාට කමක් නැති බව කී අග්‍රාමාත්‍යවරයා එහෙත් හරියට වැඩේ කළයුතු බව සඳහන් කළේය. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් බලාපොරොත්තු වන බවද එය ලබා දීම රජයේ යුතුකමක් යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මුතුරාජවෙල ඇලකන්ද පාර පෙට්ට්‍රෝලියම් පර්යන්තය අසල මෙම අභිනව යන්ත්‍රාගාරය ඉදිකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad