නිවසක තිබී යුද හමුදා නිල ඇඳුම් ඇතුලු සන්නිවේදන උපකරණ රැසක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 2, 2019

නිවසක තිබී යුද හමුදා නිල ඇඳුම් ඇතුලු සන්නිවේදන උපකරණ රැසක් අත්අඩංගුවට

නිවසක තිබී යුද හමුදා නිල ඇඳුම් ඇතුලු සන්නිවේදන උපකරණ රැසක් අත්අඩංගුවට

වවුනියාව කෝවිල්කුලම ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු ස්නිවේදන උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අද (2) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.

බහරෙන් සිට අවස්ථා කිහිපයකදී වව්නියාවට පැමිණ ඇති අදාල සැකකරුගේ නිවසේ තිබී මෙම උපකරණ තොගය හමු වූ බවට වව්නියාව පොලීසිය පැවසීය.

යුද හමුදා සෙබලූන් හා පොලිසිය එක්ව කෝවිල්කුලම ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක කාමරයක් තුළ සඟවා තිබූ මෙම හමුදා නිල ඇඳුම ඇතුළු අනෙකුත් උපකරණ තොගය මෙසේ සොයාගෙන තිබේ.

මෙසේ සොයාගත් භාණ්ඩ අතර ඩිජිටල් ටේප් නැමති ලේසර් කිරණ එල්ලකළ හැකි උපකරණයක්, යුද හමුදා අත්වැසුම් , සහ ආරක්ෂක අංශ භාවිතා කරන සපත්තු යුගලක් මීටර් 750ක් පමණ දිගැති අධි වෝල්ටීයතාවයෙන් යුත් විදුලි රැහැන් රෝල් 4ක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

අදාල සැකකරු කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර මෙම යුද හමුදා නිල ඇඳුම් ඇතුළු සොයාගත් උපකරණ හා ආරක්ෂක අංශ පළදින සපත්තු සඟවා සිටියේ කුමන අරමුණක් සඳහා ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය නොවූ බවත් සැකකරු වවුනියාව අධිකරණයට අද දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad