‘ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියල්ලන්ට මරණ දඬුවම දියයුතුයි’ - මරික්කාර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

‘ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියල්ලන්ට මරණ දඬුවම දියයුතුයි’ - මරික්කාර්

ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට මරණ දඩුවම ලබා දිය යුතු බවත් ඒ සඳහා ලංකාවේ පවතින නිතී කඩිනමින් සංශෝධන කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ ගම්පෙරළිය ජාතික වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 300ක ප්‍රතිපදනයකින් කොලොන්නාව ආසනයේ සංවර්ධනය කර ඇති අතුරු මාර්ග 20ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තමන් ශ්‍රී ලාංකීක මන්ත්‍රීවරයකු බවත් එල්ල වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙම සිදු වීමට ආධාර, අනුබල ලබා දුන් සියලුදෙනාට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුබව ද මරික්කාර් මහතා සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට අධිකරණය මඟින් වරද තහවුරු වූ පසු දඬුවම්දීමට ගැටලුවක් තිබේ නම් නිතී සංශෝධන කර මරණ දඬුවම ලබාදීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇති වී තිබෙන කළබලකාරී වාතාවරණය හමුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදු කරන මෙහෙය අගය කරන බවත් සියලු ම ආගමික නායකයින් මේ අවස්ථාවේ රටේ සියලුම ජනයාගේ මනස නිවැරදි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් මරික්කාර් මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad