"එජාපය යළිත් බුද්ධි අංශය පාවාදීමට සැරසෙනවා" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 31, 2019

"එජාපය යළිත් බුද්ධි අංශය පාවාදීමට සැරසෙනවා"

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණි ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා පැවසූ ආරක්‍ෂක තොරතුරු ඇතුළු බුද්ධි තොරතුරු ලෝකයට නිරාවරණය කරමින් ‘මිලේනියම් සිටි’ දෙවැනි පාවාදීම කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (30) පැවසීය.

මේ ආකාරයෙන් බුද්ධි අංශ හෙළිදරව් කිරීම ඉතා භයානක තත්ත්වයක් බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එසේ කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බව ද සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු දැනගත යුත්තේ වගකිව යුතු සීමිත පිරිසක් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

ලෝකයේ කිසිම රටක් මේ අයුරින් බුද්ධි අංශ හා ඊට අදාළ තොරතුරු ලෝකයට හෙළි කර නැතැයි කී මන්ත‍්‍රීවරයා පසුගිය ප‍්‍රහාරයේදී ආරක්‍ෂක අංශ අතින් වරදක් වී ඇත්නම් සොයා දඬුවම් කළ යුතු බව ද පැවසීය.

ඒ නිසා මෙම සාක්‍ෂි මාධ්‍යයට නිරාවරණය නොකරන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම සමහර තොරතුරු කවුරු කීවත් හෙළිදරව් කිරීමට නොහැකි බව කීමේ අයිතියක් බුද්ධි අංශයට තිබෙන බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙම කමිටුවේ වගකිව යුතු පරිණත සාමාජිකයින් සිටියා නම් එවැනි ප‍්‍රශ්න නොඅසන බව ද පැවසීය

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා පැවසුවේ ‘අයිස් ඔන්ලි’ වැනි බුද්ධි අංශය භාවිතා කරන රහස් වචන ආදිය ලෝකයට හෙළිදරව් වන සේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව මාධ්‍ය ඔස්සේ වරදක් බවයි.

මෙම ප‍්‍රශ්න කිරීම් හරහා බුද්ධි අංශයට යම් බලපෑමක් වුවහොත් තේරීම් කාරක සභාව එහි වගකීම බාරගත යුතු යැයි ද සන්ධාන මහලේකම්වරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad