"බදියුදින්ට එරෙහිව විශ්වාසභංගය ජයග්‍රහණය කිරිමට දෙපාර්ශවයේම කිසිවෙකුත් කටයුතු කරන්නේ නැහැ" - මෛත්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 25, 2019

"බදියුදින්ට එරෙහිව විශ්වාසභංගය ජයග්‍රහණය කිරිමට දෙපාර්ශවයේම කිසිවෙකුත් කටයුතු කරන්නේ නැහැ" - මෛත්‍රී

රිෂාඩ් බදියුදීන් අමාත්‍යයවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනවා ජයග්‍රහණය කරවිමට ප්‍රධාන දේශපාලන පක්ෂ වල නායකයින් කටයුතු නොකරන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා එ බැව් කියා සිටියේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පදිංචි උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්ඩින් අමාත්‍යයවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේශපාලන ඩිල් එකක් බවයි.

රිෂාඩ් බදුර්ඩින් අමාත්‍යයවරයාගේ අමාත්‍යංශය පාඩු ලබන අමාත්‍යංශයක් බවත්, එම අමාත්‍යංශය තුල රිෂාඩ් බදුර්ඩින් අමාත්‍යයවරයා කිසිදු සේවයක් නොකරන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

ගල්බොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාව ලැබිම තුලින් උන් වහන්සේ මෙරට තුල භෞනික අඛන්ඩතාවය ඇති කිරිමටත් රටේ සියළුම ජාතින් අතර සාමය සමගිය ඇති කිරිමටත් කටයුතු කල යුතු බවයි.

මේ වසරේ මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා පසුව දැනුම් දෙන බවත් ආණ්ඩුකාරවරයා පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad