කාත්තන්කුඩ් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 24 වියැති පුද්ගලයෙකු හෙලිකළ තොරතුරු අනුව සිදුකළ විමර්ශනයකදී තව්හිද් ජමාත් සංවිධානයට අයත් බවට සැකකෙරෙන පුහුණු කඳවුරක් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.මෙම නිවස සහරාන්ගේ දේශන පැවැත්වීමට යොදාගෙන ඇති බවත් එක් දිනක් තමා ඇතුළු 35ක පමණ පිරිසක් මෙම ස්ථානයේ දේශන සඳහා සහභාගී වූ බවත් තොරතුරු හෙලිකළ සැකකාර තරුණයා පවසා තිබේ.
මෙම දේශනවලට සහභාගීවීම සඳහා අලුයම 4.30ට පමණ මරාගෙන මැරෙන ප්‍රහාරවලට ඉදිරිපත් වූ සාමාජිකයන් ඇතුළු පිරිස වෑන් රථ 2 කින් නුවරඑළියට පැමිණි බවත් පසුව අදාල දෙමහල් නිවසට ගොස් එකිනෙකා සමඟ කතා කිරීම තහනම් කොට අවි පුහුණුවක් ද ලබාදුන් බව අත්අඩංගුවේ පසුවන සැකකරු පවසයි.
ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෙම නිවස බදු මත මාස කිහිපයකට ඉහතදී ලබාගෙන ඇති අතර සහරාන් ඇතුළු කණ්ඩායමට වක්‍රාකාරව සහය දැක්වීමේ චෝදනාව මත පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.





No comments:
Post a Comment