මන්නාරමේ තිබූ පාර්සලයකින් පිස්තෝලයක් මතු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 2, 2019

මන්නාරමේ තිබූ පාර්සලයකින් පිස්තෝලයක් මතු වෙයි

මන්නාරමේ තිබූ පාර්සලයකින් පිස්තෝලයක් මතු වෙයි

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේදී පිහිටි පාලමක් අසල තිබූ පාර්සලයක් අද (2) උදෑසන සිදුකල පරික්ෂා කිරීමේදී එහි තිබී පිස්තොලයක් හමු වූ බවට යුද හමුදාව පවසයි.

අඩම්පන්හි පිහිටි පාලමක් අසල තිබූ සැකසහිත පාර්සලයක් පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසුව යුද හමුදාව හා පොලීසිය විසින් අදාල පාර්සලය පරික්ෂා කොට ඇති අතර එහිදී ප්ලාස්ටික් බෝතලයක් තිබී ඇති අතර එයතුල ජපානයේ නිශ්පාදිත පිස්තොලයක් හා මැගසින් එකක් හමු වී ඇත.

අදාල පාර්සල් දැමූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර හමු වූ පිස්තෝලය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යුද හමුදා සෙබලුන් විසින් අඩම්පන් පොලීසිය වෙතට භාර දී ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad