ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සොයාගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සොයාගැනේ

ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සොයාගැනේ

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

ඒ ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාළ පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වන අතර එහිදී පොලිතීන් උරයක තිබී පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් හා කාල විරාම පරිපත 6 ක් හමු වී ඇත.

අදාළ කාල විරාම පරිපත එම ස්ථානයේදී නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.

පොලීසිය සැක පල කර සිටින්නේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුපුරණදුව්‍ය තොගය ගෙනවිත් දමන්නට ඇති බවටය.

No comments:

Post a Comment

Post Bottom Ad