නෙත් නිවුස් වෙබ් අඩවිය අවහිර කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 27, 2019

නෙත් නිවුස් වෙබ් අඩවිය අවහිර කරයි

නෙත් නිවුස් වෙබ් අඩවිය අවහිර කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා නෙත් නිවුස් වෙබ් අඩවියට පිවිසීම මේ වන විට අවහිර කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

කටකතා හා අසත්‍ය තොරතුරු පැතිර යාම වැලක්වීම පිණිස රජය විසින් සමාජ මාධ්‍ය ජාල පවා තහනම් කර ඇති පසුබිමක ජනතාව වෙත තොරතුරු ලබා ගැනීමට ඇති ප්‍රවෘත්ති වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත් නොකළ යුතු ක්‍රියාවක් වන අතර කිසියම් හෝ හේතුවක් නිසා අවහිර කිරීමක් සිදු කරන්නේ නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් අදාළ ආයතනයට දැනුම් දීමක් සිදු කරන නමුත් නෙත් නිව්ස් වෙබ් අඩවියට මෙවැනි කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.

මේ පිලිබඳ ඒෂියන් මිරර් අප විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ එවන් සිද්ධියක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් තමන්ට වාර්තා වී නොමැති බවත් ඒ පිලිබඳ සොයා බලා ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad