බිරිය සමඟ දබර වී අබාධිත දරුවා ඇල්ලට විසිකර සැමියාත් පැන මැරිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 19, 2019

බිරිය සමඟ දබර වී අබාධිත දරුවා ඇල්ලට විසිකර සැමියාත් පැන මැරිලා

නව හැවිරිදි ආබාධිත සිය පීරිමි දරුවා ඝාතනය කර රිදිවිට තඹදොළ ඇල්ලට විසි කළ පියකු එම ඇල්ලටම පැන දිවි නසාගෙන ඇතැයි මීගහතැන්න පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගහතැන්න - පොල්ගම්පළ පදිංචිව සිටි පෞද්ගලික ආයතනයක සේවය කරන කේ.කේ. නිශාන්ත (45) නමැත්තකු හා
රෂ්මික ලක්මාල් නමැති දරුවායි. ඇල්ලට
පැන දිවි නසා ගත් පුද්ගලයා මිතුරන් පිරීසක් සමඟ එක්ව පෙරේදා (17දා) මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් බිරිය ඔහු සමඟ ආරවුල් ඇති කරගෙන තිබූ බව සිදු කළ මූලික පරික්ෂණවලදී හෙළි වූ බව පොලීසිය කියයි.

ඔහු මත්පැන් සාදය පවත්වා රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර රාත්‍රි ආහාරය සඳහා බිරිය කිසිවක් සකස් කර නොතිබීම හේතුවෙන් දෙදෙනා අතර බහින්බස් වීමක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. පසුව එම පුද්ගලයා ආබාධිත දරුවා සමඟ රාත්‍රි නිවෙස ඉදිරී කොටසෙහි නිදා ගැනීමට ගොස් තිබු බව පොලීසිය කියයි.

-එම්.සී.පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad