මියගිය පියා වෙනුවෙන් පියාගේ වයසේ 84 දෙනෙක් කැඳවා දානමය පිංකමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 19, 2019

මියගිය පියා වෙනුවෙන් පියාගේ වයසේ 84 දෙනෙක් කැඳවා දානමය පිංකමක්

වසර 84ක් ආයු වළදා ගමම හඬවා අවසන් ගමන් ගිය තම ආදරණීය පියා වෙනුවෙන් එම වයසේ පසුවන වයෝවෘද්ධ පිරිමි හා කාන්තාවන් 84ක් තම නිවසට කැඳවා කුස පුරා අහර දී ආගමික වතාවත් කොට ඔවුන්ට තෑගි බෝග හා බෙහෙත් මංජුසාව බැගින්, ප්‍රදානය කළ පින්වතකු පිළිබඳ පුවතකි මේ. මම පුණ්‍ය කටයුත්ත
කළේ නාත්තණ්ඩිය තුලාවල, කොස්වත්ත, කොටකන්ද ප්‍රදේශයේ පදිංචි සමාජ සේවකයකු වන උපාලි කුලරත්න මහතායි. ඔහුගේ ආදරණීය පියා වන චාලිස් අප්පුහාමි මහතාට හා පවුලේ මියගිය ඥාතීන් සියලු දෙනාටත් පින් අනුමෝදන් කරමින් ඔහු මෙම පුණ්‍ය ක්‍රියාවේ  නියැළුණේ ගම්වාසීන්ගේද නොමඳ සහාය ලබාගනිමිනි. 
උපාලි කුලරත්න  මහතා මාධ්‍යයට මෙසේ කීය.
              

“අපි කිසිවෙක් සදාකාලික ජීවිතයක් ගතකරන අය නොවේ. උපන්නොත් මියයන්නත් ඕනෑ. ඒත් අපි අද මේ අන්දමින් ජීවත්වෙන්නේ අපේ මවුපියන් නිසයි. උපන්දා සිට ඔවුන් අප වෙනුවෙන් නොකළ දෙයක් නැහැ. ඒ වෙනුවෙන් අද සමාජයේ කෘතගුණ සැලකීමක් දකින්න නම්, එවැනි සමාජයක මා කරන පුණ්‍ය කටයුත්ත සැමටම ආදර්ශයක් වේවි. මගේ පියා වෙනුවෙන් මට හැකි පමණින් මෙම උතුම් දානමය පින්කම් සිදුකරනවා. මේ සිදුකළේ දෙවැන්නයි. ඉදිරියටත් මෙයටත් වඩා හොඳින් මෙය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආරාධනය පිළිගෙන මෙයට එක්වූ සැමදෙනාටම මම ස්තුති කරනවා. ඔවුන් මෙම ස්ථානයට නොපැමිණෙන්නට මට මේ කටයුත්ත නිසි ලෙස කරගන්න ඉඩක් ලැබෙන්නේ නෑ.

මගේ ගමේ හිතවතුන් හා මගේ ඥාති හිතවතුන් මෙම කටයුත්ත සාර්ථක කරගන්නට මා සමඟ අත්වැල් බැඳගැනීම මට මහත් අඩම්බරයක්.මගේ පවුලේ අයත් ගමේ හැමකෙනාම හැකි අන්දමින් මාව දිරිමත් කරමින් මෙම කටයුතත්තට අත දුන්නා. ජිවත්ව ඉන්නා ටික කාලසීමාව කාටත් බරක් නොවී රටට වැඩදායක ලෙසින් ජිවත්වී හැකි තරමින් පුණ්‍ය කටයුතුවල නිරත වීම මාගේ එකම අශාවයි.

-රොස් කොලින්-

No comments:

Post a Comment

Post Bottom Ad