මීගමුවේ හෝටලයක නෝර්වේ ජාතිකයකු අභිරහස් ලෙස මරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 18, 2019

මීගමුවේ හෝටලයක නෝර්වේ ජාතිකයකු අභිරහස් ලෙස මරලා


ශ‍්‍රී ලංකාවේ සිරි නැරඹීමට හුදකලාව පැමිණ මීගමුවේ සංචාරක ලැගුම්හලක් තුළදී තැලීම් සහ ශරීරය පුරා විවිධ තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි 53 හැවිරිදි නෝර්වේ ජාතිකයා සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්
පවත්වන ලෙසත් එහි පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා වාර්තාව කඩිනමින් අධිකරණය හමුවට පමුණුවන ලෙසටත් මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඞ්ප‍්‍රි කුරේ මහතා මීගමුව පොලිසියට 13 දා නියෝග කළේය.

මීගමුව පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මියගිය
නෝර්වේ පුරවැසියා වේළුපිල්ලෙයි ගජේන්‍ද්‍රන් (53) නමැත්තා බවයි. මොහු මීගමුවට පැමිණ මීගමුව ඒත්තුකාල සංචාරක පුරයේ ලැගුම්හලක කාමරයක් කුලියට ගෙන නැවතී තිබේ.

මොහු පසුගිය 10 දා රාත‍්‍රි හෝටලයෙන් නික්ම ගිය නමුත් ආපසු පැමිණ නැත. ඇති වූ සැකයක් මත මොහු සිටි කාමරයේ දොරගුළු කඩා පරීක්‍ෂා කළ අවස්ථාවේ ඔහුගේ සිරුර ඔහුගේ ඇඳ අසල වැටී තිබී හමු වී ඇත.

මොහුගේ සිරුරේ, නිකට, බෙල්ල, පපුව ආදී ප‍්‍රදේශවල තැළුම් සහ කැපුම් තුවාල

රැසක් දක්නට තිබූ අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටියේය. එම සිරුර පරීක්‍ෂා කළ මීගමුවේ වෛද්‍යවරයකු මොහුගේ සිරුරේ පහරදීම් සහ විවිධ අන්දමින් සිදුකළ තුවාල රැසක් දක්නට ඇති බවට වාර්තා කර ඇත. මේ පිළිබඳව මීගමුව පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වයි.

 - විමල් කීර්ති-

No comments:

Post a Comment

Post Bottom Ad