ඥානසාර හිමි බලන්න රවී, මනෝ හා අසාද් සාලි වැලිකඩට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 21, 2019

ඥානසාර හිමි බලන්න රවී, මනෝ හා අසාද් සාලි වැලිකඩට


සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන්
සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අද (21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණයහ.

එම අවස්ථාවේදී “නොකළ වැරදි චෝදනා පත්‍රයට ඇතුලත්කර ඒවා
අධිකරණය තුල ඔප්පු කර තමන්වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුනු” බව අමාත්‍යවරුන්ට ඥානසාර හිමි පෙන්වා දී ඇති අතර එදා අධිකරණ ශාලාව තුල මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවූ කතා බහ ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය තුල සැරිසරන බවත් එය නරඹා සත්‍ය තේරුම්ගත හැකි බවත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad