ආරවුලකදී නාට්‍ය රඟදැක්‌වීමට යොදාගන්නා ව්‍යාජ ගිනි අවියක්‌ භාවිත කළ නිසා සැකකරුවෙකු ඇප ලබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 22, 2019

ආරවුලකදී නාට්‍ය රඟදැක්‌වීමට යොදාගන්නා ව්‍යාජ ගිනි අවියක්‌ භාවිත කළ නිසා සැකකරුවෙකු ඇප ලබයි


මුදල් ආරවුලක්‌ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනකු අතර පැවති හදිසි අරගලයකදී එක්‌ ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා මරා දමන බවට තර්ජනය කර එල්ල කළ ගිනි අවිය (පිස්‌තෝලය) නාට්‍ය රඟදැක්‌වීමේදී භාවිත
කරන ව්‍යාජ ගිනි
අවියක්‌ බවට අනාවරණය වීම නිසා එම ගිනි අවිය එල්ල කළ ව්‍යාපාරිකයා රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 5 ක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව වැඩ බලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා නියෝග කළේය.

ඇප නියමවූ සැකකාර ව්‍යාපාරිකයා වූයේ ජාඇල පදිංචි එම්. මිහිරාන් පෙරේරා නමැත්තෙකි. ඔහු වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෙකි. ඔහු ළඟ ක්‍රීඩා තරග ආරම්භ කරන අවස්‌ථාවලට භාවිත කරන ව්‍යාජ පිස්‌තෝලයක්‌ තිබී ඇත.

ඔහු අනික්‌ ව්‍යාපාරිකයා සමග ඇතිවූ හදිසි අරගලයේදී එම ව්‍යාජ ගිනි අවිය භාවිත කළ බව පැමිණිල්ලේ සඳහන්වේ. සීදුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවිය.

 විත්තිය වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා යන මහත්වරු පෙනී සිටියහ

No comments:

Post a Comment

Post Bottom Ad