අතවරයට ලක්වන බාල වයස්කාර දැරියන් අධිකරණයට නොකැඳවා වීඩියෝ මගින් සාක්කි කැඳවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 11, 2019

අතවරයට ලක්වන බාල වයස්කාර දැරියන් අධිකරණයට නොකැඳවා වීඩියෝ මගින් සාක්කි කැඳවේ

බාල වයස්කාර දරු දැරියන්ට පුද්ගලයන්ගෙන් සිදුවන විවිධ අතවරයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන සාක්කි විමසීම් සඳහා එම දරු දැරියන් අධිකරණ හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමු නොකර
ඔවුන්ගෙන් ලබාගත් පටිගත වීඩියෝ සාක්ෂි ඒ සඳහා ඉදිරිපත් කිරීම කෙරෙහි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව ඇත.
මෙයින් අදහස් වන්නේ අතවරය සිදුවූ පසු එම ස්ථෘනීය ලක්ෂණවල වීඩියෝ හා සිදුවූ ආකාරය දැරිය පවසන අයුරු ඇගේ ඉදිරිපත්කිරීම් ලෙස වීඩියෝය.
එම දරු දැරියන්ව අධිකරණ වෙත ඉදිරිපත් කරන අවස්ථාවන්හිදී ඔවුන්ට මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිටින එවැනි දරු දැරියන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණෙන අවස්ථාවන්හිදී සිදුවන දුෂ්කරතාවන් මඟහැරවීම මේ වැඩපිළිවෙළේ ප්‍රධානතම අරමුණු වී තිබේ.

එම වැඩපිළිවෙළට අනුව කිසියම් ප්‍රදේශයක දරුවකුට හෝ දැරියකට එවැනි අතවරයක් වූ බවට පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලද පසුව එම සිද්ධීන් සම්බන්ධයෙන් එකී දරුවන් දෙන සාක්ෂි එම ප්‍රදේශයේ පොලිසිය හා ජාතික ළමා ආරක්ෂක නිලධාරීන් එක්ව වීඩියෝ ගත කරගත යුතු අතර එම සාක්ෂි ලබාගැනීම එම ප්‍රදේශයේදීම සිදු කළ යුතුය.

එසේ සාක්ෂි ලබා ගැනීමෙන් පසුව එකී දරුවන් සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන හා අධිකරණ කටයුතු සඳහා එකී වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කෙරේ. ඒ සඳහා එම දරුවන් වෙමු නොකෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ මෙම වැඩපිළිවෙළේ මූලික කටයුතු මේ දිනවල අත්හදා බලමින් පවතින බවත් ඉදිරියේදී එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.


-කුමුදු උපුල් ශාන්ත-

No comments:

Post a Comment

Post Bottom Ad