ගුවන් තොටේ කුඩු සෝදිසියට සුනඛයෝ 20ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 30, 2019

ගුවන් තොටේ කුඩු සෝදිසියට සුනඛයෝ 20ක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට සුනඛයින් 20ක් පිටරටින් ගෙන්වීමට
කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.  මෙම එක් සුනඛයකු සඳහා රුපියල් ලක්‍ෂ 20ක පමණ මුදලක් වැය කෙරෙන අතර සුනඛයින් ආනයනය කිරීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්‍ෂයක පමණ මුදලක් වෙන්කිරිමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

-අජන්ත කුමාර අගලකඩ-

No comments:

Post a Comment

Post Bottom Ad