මහින්දගේ බාලපුුතු රෝහිතගේ විවාහය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 29, 2018

මහින්දගේ බාලපුුතු රෝහිතගේ විවාහය

https://www.gossiplankanews.com/2018/12/rohitha-rajapaksa-wedding.html#more
හින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය ලබන ජනවාරි 24 වැනිදා තංගල්ලේදී සිදු කිරීමට නියමිත බවට වාර්තාවේ. මේ හා සම්බන්ධ ආරාධනා පත්‍රය දැනටමත් ප්‍රසිද්ධව තිබෙන අතර එහි දැක්වෙන ආකාරයට තංගල්ල රන්න 212 හෝටලයේදී මෙම උත්සවය පවත්වනු ඇත.

‘චිචී‘ යන ආදර නාමයෙන් හඳුන්වන රෝහිත විවාහවන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය වන ටටියානා ලී
මෙනෙවිය සමගිනි. මීට වසර ගණනාවකට පෙරදී සන්ලයිට් වෙළෙඳ දැක්වීමක පෙනී සිටි ටටියානා රූපවාහිනී තිරයෙන් දැකගැනීමෙන් පසු ඇය තම පෙම්වතිය බවට පත්කරගැනීමට කැමැත්තෙන් පසුවූ රෝහිත ඇය සොයාගොස් මිතුරුවූ බව ප්‍රකට කතාවකි. එසේ මිතුරුවුවත් වසර කිහිපයක් යනතුරු සමීප මිතුරෙකු ලෙස පමණක් ඔවුන් ඇසුරු කළ බවත් ඔහු තමන්ව පෙම්වතිය කරගන්නට අපේක්ෂාවෙන් සිටි බවක් දැන සිටියේ නැති බවත් ටටියානා පුවත්පත්වලට පවසා තිබිණි.


කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් පෙම්වතුන් බවට පත්වූ අතර 2018 අගෝස්තු මස අප්‍රිකාවේ උසම කන්දක් ලෙස සැලකෙන කිලිමන්ජාරෝ තරණය කර කඳු මුදුනේදී විවාහ යෝජනාව ඉදිරිපත් කරන ලද බවට ඒ දිනවල ඡායාරූපද ප්‍රසිද්ධ විය.

මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනා අතරින් බාලම පුතුවූ රෝහිත එම පවුලේ අයගෙන් මුලින්ම විවාහ දිවියට ඇතුළත්වීමද විශේෂත්වයකි.රේස් පැදීම, අභ්‍යවකාශ තරණය,ගීත ගැයීම වැනි විනෝදාංශ වලටද ප්‍රියතාවක් දක්වන රෝහිත කලකට ඉහත ටටියානා සමග එක්ව මියුසික් වීඩියෝවකටද පෙනී සිටියේය.

විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිත ව ඇත්තේ තංගල්ල රන්න 212 හෝටලයේදී බවත් වීරකැටිය කාල්ටන් නිවසට පැමිණෙන ආරාධිතයන්ට එම හෝටලය වෙත ගමන් ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක බවත් අමුත්තන්ට හෝටලයේ නවාතැන්ගන්නට අවශ්‍ය නම් පහසුකම් ඇති බවත් මංගල ඇරයුම්පතෙහි දැක්වේ.







No comments:

Post a Comment

Post Bottom Ad