නත්තල් සතියේ දුම්රිය වර්ජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 13, 2018

නත්තල් සතියේ දුම්රිය වර්ජනයක්


අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්.පී. 1 හා 2 වැටුප් පරිමාණ ලබාදීම ප්‍රමාද කිරීමට විරෝදය දක්වා දුම්රිය නියාමක ස්ථානාධිපතිවරු, රියැදුරු පාලකවරු හා දුම්රිය අධික්ෂණ කළමන්‍යකරුවන් 26 වැනිදා
මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ
වර්ජනයක් ආරම්භ කිරිමට 11 වනදා තීරණය කළ බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

 දුම්රිය රියදුරු. පාලක, ස්ථානාධිපති, නියාමක සහ දුම්රිය අධික්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවලට ලැබිය යුතු ගමේම එම්.පී. 1 හා 2 යන වැටුප් පරිමාණ මෙතෙක් ලබා නොදීම ගැන තීරණයක් ගැනීම සදහා දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිළධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටුව ඊයේ (11) රැස්වී මෙම වර්ජන තීරණයට එළඹි බවද ලේකම්වරයා කීය.

මෙම ශ්‍රේණි සඳහා එම්.පී. 1 හා 2 වැටුප් තල ලබාදිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය මහින් ඉකුත් මැයි 9දා අනුමත කළ බවද මාස දෙකක් තුළදී අමාත්‍ය මණ්ඩලය අනුමත කළ වැටුප් පරිමාණ ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද
පොරොන්දුවක් ලබාදුන්නද එම පොරොන්දුවටද දැන් මාස 4ක් පමණ ගතවී තිබෙන බවද ඔහු පැවසීය.

-මහින්ද නිශ්ශංක-

No comments:

Post a Comment

Post Bottom Ad